සමලිංගික කතන්දරයක් තම ආණ්ඩුවේ නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැනාරත්න මහතා සඳහන් කරයි.
කිසියම් නිලධාරියෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කළ පසු එය ආණ්ඩුවේ මතය ලෙස භාර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
හෙතෙම මේ බව කියා සිටියේ ගන්නෝරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.
“සමලිංගික කතන්දරයක් අපේ ආණ්ඩුවෙ නැහැ. ජනාධිපතිවරයා මහ නායක හිමිවරු බැහැදැකලා රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. විජිත් හේරත් ඇමැතිවරයාත් වගකීම් සහගතව එවැන්නක් නොමැති බව කිව්වා. රටේ ජනතාව අවධානයට ගතයුත්තේ ඒකයි.
කවුරු හරි නිලධාරයෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කළාම ඒක ආණ්ඩුවේ මතය ලෙස ගන්න එපා කියලා මම් ඉල්ලීමක් කරනවා.
සමහර අනවබෝධයන් තුළ ආණ්ඩුවට තිබෙන ආකර්ෂණය සමහර අය තුළ නැතිව යන්න පුළුළුන්.
සමහර අය විවිධ පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පත් කරගන්න ආණ්ඩුවත් එක්ක ගැට ගැසුණු අයත් ඉන්නවා.
පොදු අභිමතාර්ථ එක්ක යන මේ ආණ්ඩුව තුළින් තමන්ගේ පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න බැරි වෙනවා කියලා දැනුනම ඒ අය ඈත් වෙන්න පුළුවන්”
