නිමල් රාජපක්ෂ
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි 21 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකු ගමන් මළුවල සවාගෙන මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 182.53 මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අදාල පුද්ගලයා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෂීස් ග්‍රෑම් 18,253 (කිලෝග්‍රෑම් 18.25)ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) සැකකරු රාත්‍රී 10.30 ට පමණ එමිරේට්ස් ගුවන් යානයෙන් EK 648 ගුවන් යානයෙන් පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.
අත්අඩංගුවට ගත් තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 182.53 ක් වේ. NCU නිලධාරීන් මූලික පරීක්ෂණ සිදු කළ අතර, පසුව සැකකරු සහ සොයා ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට (PNB) භාර දෙන ලදී.
