මත්පැන් නිෂ්පාදන මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අය කිරීම සඳහා අදාළ වන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කරයි.
ඒ අනුව, ඊයේ (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
සෑම බලපත්‍ර ලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර, නියමිත දින සිට දින 30 ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත් වන බලපත්‍ර ලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

