Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණික තත්ත්වයත් සමගින් ප්‍රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ගංවතුරට යටවීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිිය ධාවනය තවමත් නතර කොට තිබේ

නමුත් අද දිනයේ කාර්යාල බලා ගමන් කල මගින් හට නිවෙස් බලා ගමන් කිරීම සදහා මුහුදු බඩ , කැළණිවැලි හා පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය මේ අයුරින් සිදු කරන බව දුම්රිය ‍දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.

අද සවස් කාලයේ දුම්රිය ධාවනය මේ අයුරින් සිදු කෙරේ.

මුහුදුබඩ මාර්ගය

  1. මරදාන/ ගාල්ල – පිටත්වීම – ප.ව.5.25(slow)
  2. මරදාන/ අලුත්ගම – පිටත්වීම – ප.ව.6.25(slow)
  3. මරදාන/ අලුත්ගම – පිටත්වීම – ප.ව.7.45(slow)
  4. මරදාන/ දකුණු කලුතර – පිටත්වීම – ප.ව.8.35(slow)
  5. මරදාන/ අලුත්ගම – පිටත්වීම – ප.ව.9.30(slow)

මීගමුව මාර්ගය

  1. කො.කොටුව/ මීගමුව – පිටත්වීම – ප.ව.4.30(slow)

කැලණි වැලි මාර්ගය

  1. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.6.00(slow)

ප්‍රධාන මාර්ගය
ගම්පහ- වේයන්ගොඩ අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා තවදුරටත් කිසිදු දුම්රියක් ධාවනය නොවන අතර

අයහපත් කාලගුණ තත්ත්වය මත ඉහත ධාවනයන් වෙනස්වීමට ඉඩ ඇති බවද අසංක සමරසිංහ මහතා පැවසුවේය..

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ උතුරු දුම්රිය මාර්ගයේ අද දින සවස කිසිදු දුම්රියක් ධාවනය නොවන අතර සියළුම දුම්රිය මාර්ග වල දුරගමන් සේවා සීඝ්‍රගාමී/ නගරාන්තර හා රාත්‍රී තැපැල් දුම්රියන් අද දින ධාවනය නොවේ.