නිමල් රාජපක්ෂ
ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින්, ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දෙවන ආධාර තොගය රැගත් එරට ගුවන් හමුදාවට අයත් C-17 Globemasterගුවන් යානය ඊයේ (02) පස්වරුවේ මෙරටට ළඟා විය.

එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි (Dr. Hamood Al Afari) මහතා විසින් මෙම ආධාර නිල වශයෙන් භාර දෙන ලද අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් විසින් ඒවා භාර ගන්නා ලදී.
එක් පවුලකට දින 10ක් සඳහා ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය පැකට් 1,116ක් සහ බෝතල් කළ ජලය, කූඩාරම්, පොරෝනා, මෙට්ට, පිසින උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු සහන මලු 336ක් මෙම ආධාර තොගයට ඇතුළත් වේ.
පෙරේදා (01) දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළමු ආධාර තොගය මෙරටට ලැබිණි.
