Spread the love

නිමල් රාජපක්ෂ

රටට මහා ව්පතක් කල දිට්ටා සුළි කුණාටුව රට්න් බැහැරව ගියත් සිදුකල හානියනම් තව කාලයක් යනකම් හානි පූර්ණය කරගන්න බැරි වෙයි.
කොහාම උනත් ගංවතුර බැස ගිය ගමන් අප මුහුණ දෙන ප්‍රශ්නය තමයි වසංගත රෝග වැලදීම.එයින් මුලින්ම පාචනය උණ කකුල් වල ඇගිලි කරු කුණුව්ම වගේ රෝග පැතිරෙන අතර දින කිපයක් යනව්ට ඩෙංගු ච්කන් ගුන්‍යා ලෙප්ටස්පයිරෝසිස් වැනි රෝග ප්‍රධාන තැනක් ගන්නවා.
මේ රෝග සියල්ලටම පාහේ බලපාන්නේ ජලය.මේ දිනවල සැමව්ටම ජලය නටන තෙක් උණු කර නිවා පානය කල හැකිනම් පාචන තත්වයෙන් අපිව ආරක්ෂා වෙනවා.ඒ වගේම ජලය බැස ගිය පසු ඔබේ නිවසේ ළිද නිවැරැදි ලෙස ක්ලෝරින් කිරිමෙන් ජලය මගින් බෝවන ලෙඩ වලින් ආරක්ෂා වෙන්න පුලුවන් බව පොල්ගහවෙල ප්‍රධාන මහජන පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා පවසයි.
එනිසා අපි බලමු ඔබේ නිවසේ ලිද කොහමද නිවැරැදිව ක්ලෝරින් කර ගන්නේ කියලා.
මුලින්ම ගංවතුරට ලක්වු ළිදේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්කර ගන්න ඕනේ.ඊලගට ළිද ඇතුල වගේම වටේ හොදට පරීක්ෂා කරන්න ඕනේ තව දුරටත් පිට්න් ජලය එන තැන් තියනවද කියලා තියනවා නම් සිමෙන්ති යොදා එවා වසා දැම්ය යුතුයි.ඉවත් කල ජලය වෙනුවට අලුතින් ජලය පිරෙන කම් ඉන්න ඕනේ.ඊළගට නියම්ත ප්‍රමාණයෙන් ක්ලෝරින් කර ගැනිමට ළිදේ ජල පරිමාව දැන ගන්න ඕනේ.මොකද ක්ලෝරින් යොදන්නේ ජලය ගැලුම් 1000කට ක්ලෝරින් අවුන්සයක්.එනම් 28.5g ක්.මේ වෙලාවේ ළිං අපිරිසිදු වෙලා තියන නිසා අපි සුපර් ක්ලොරිනිකරණය කරනවා.ඒ කියන්නේ නියම්ත මාත්‍රාව වගේ දෙගුණයක් ක්ලෝරින් යොදනවා.
හරි දැන් අපිට තියන ප්‍රශ්නේ ළිදේ ජල පරිමාව මැන ගන්නේ කොහමද කියලා.ඒකට තියනව ගණිතමය සූත්‍රයක්.ඒක තමයි 5d×dh.මොකක්ද ඒ මේකේ d කියන්නේ ඔයාගේ ළිදේ ව්ෂ්කම්භය.h කියන්නේ ජල කදේ උස.බොහෝ ව්ට ළිදට දාන පනිට්ටුවේ හා ලණුව අධාරයෙන් අඩ් කොදුවක් හෝ ම්නුම් පට්යකින් මේ උස සොයා ගන්න පුලුවන්.දැන් සූත්‍රයට අනුව ළිදේ ජල පරිමාව හොයා ගෙන ඊට අදාල ක්ලෝරින් ප්‍රමාණය ගණනය කර ගන්නවා.ඒ ගණනය කරගත් ප්‍රමාණයට ක්ලෝරින් අරන් පිරිසිදු ජල බදුනකට දාලා දිය කරගන්න ඕනේ.මේ සදහා දිග කෝටුවක් හෝ දිග ම්ටක් ඇති හැන්දක් භාව්තා කරන්න පුලුවන්.හොදට මතකතියාගන්න මේ වෙලාවේ කිසිම ව්ටක ඔබගේ අත්වල සමේ ක්ලෝරින් නොගැවෙන සේ දියකරන්න.අත්වල ගැවුනොත් සම පිලිස්සෙන්න පුලුවන්.ඉන් පස්සේ දියකරගත් ක්ලොරින් ද්‍රාවණය පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් පෙරා ගෙන අවක්සේප ඉවත්කරගන්න.පෙරාගත් ද්‍රාවණය ළිදට දමන පනිට්ටුවට ගෙන ළිද තුලට දමා ලණුව සොලවා හොදින් කලතා ගන්න.දැන් වැඩේ ඉවරයි.නමුත් දැන් තමා ජලය සමග ක්ලොරින් ප්‍රතික්‍රියාව පටන් ගන්නේ.ඒ සදහා යම් කාලයක් ගතවෙනවා.ඒ නිසා ප්‍රතික්‍රියාව අවසන් වනතුරු පැය 8 -10 යනකම් එම ජලය පාවිච්චියට නොගත යුතුයි.
මේ දිනවල ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට අවතැන් කදවුරු වල සෞඛ්‍ය ගැන බලන්න මී උණ වැලැක්ව්මේ ප්‍රතිකාර ලබා දෙන්න වගේම ව්ශාල වශයෙන් ළිං ක්ලෝරින් කිරිමට තියන නිසා ඔබ දුරකථන ඇමතුමක් දුන් සැනින් ඔබේ නිවසට එන්න නොහැකි වේව්.එහම උනොත් ඉහත පියවර අනුගමනය කරලා ඔබේ ළිදේ ජලයත් සෞඛ්‍ය ක්‍රමානුකූලව ක්ලෝරින් කරගන්න ඔබට පුලුවන්.
පාචන රෝගයෙන් ආරක්ෂා වෙනවා වගේම ගංවතුරින් ගසාගෙන ඇව්ත් අවට රැදි ඇති ජලය පිරෙන ස්ථාන ඉවත් කරලා නිවස අසල පිරිසිදු වටාපිටාවක් පවත්වාගෙන මදුරුවන් බෝව්මෙන් තොර කලාපයක් කර ගත්තොත් ඊළගට එන ඩෙංගු හා ච්කන් ගුන්යා රෝග වලිනුත් ආරක්ෂා වෙන්න පුලුවන් කියලා හොදින් මතකතියා ගත යුතු බවද නිශාන්ත සෝමරත්න මහතා පැවසුවේය.