Spread the love


නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ බෝක්කුව ජල රකුසාට හසුවී විනාස වීම නිසා උතුරු දුම්රිය මාර්ගය හා උඩරට දුම්රිය මාර්ගය හා තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මුළු මනින්ම අඩාල වී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම කසුන් චාමර ජයසිංහ මහතා පවසයි.

මේ හේතුව නිසා රඹුක්කන, පොල්ගහවෙල , ගණේවත්ත හා කුරුණෑගල යන දුම්රිය ස්ථානවල බලවේග කට්ටල 12 ක් කොළඹට ගෙන්න නොහැකිව සිරවී තිබේ.


රජයේ දැඩි අවධාවනය යොමුවී බුජ්ජොමුව දුම්රිය මාර්ගයේ බෝක්කුව ස්වේච්ජා සංවිධාන වල හා යුධ හමුදාවේ සහාය ලබාගෙන කඩිනමින් පිළිසකර කළහොත් මගින්ට හොද ප්‍රවාහන සේවාවක් සැලසිය හැකි බවද කසුන් චාමර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසුවය.
මෙම බලවේග කට්ටල 12 කොළඹට ගේන්න නොහැකිවීම නිසාත් ප්‍රධාන මාර්ගයේ බෝක්කුව පිළිසකර නොකිරීම නිසාත් කාර්යාල බලා ගමන් ගන්නා මගින් හා දුර ගමන් සේවා මගිීන් දැඩි අපහසුතාවයට පත්වි ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.