ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නාවික හමුදාව විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
ඒ යටතේ, හලාවත අත්තනගොඩ විද්‍යාලය, හංවැල්ල පහත්ගම රෝමාණු කතෝලික විද්‍යාලය, කඩුවෙල අභිනවාරාමය සහ කඩුවෙල බස් නැවතුම්පොල පිරිසිදු කිරීම, වියලි ආහාර ඇසිරීම සඳහා මහනුවර හා තලාතුඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත සහය වීම, නාත්තන්ඩිය ප්‍රදේශයේ පානීය ජල ලිං පිරිසිදු කිරීම ඇතුළු මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව අද දින (2025 දෙසැම්බර් 03) දායක විය.
