නිමල් රාජපක්ෂ
දෙමටගොඩ පොලිසිය ඉදිරිපිට දී පොලිස් නිලධාරියකු සමගින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු සැකකරුවන් 5 දෙනකු, රුපියල් ලක්ෂ 26 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කොළඹ නගරයේ සුරාබදු නිලධාරින් අද (17) අළුයම අත්අඅඩංගවට ගෙන ඇත
වෙස් වලාගත් සුරාබදු නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය මිලදි ගැනීමට අදාල පොලිස් නිලධාරිය සමග කථාකොට අද අළුයම දෙමටගොඩ රේල් ගේට්ටුව ආසන්න යේද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 මිලදි ගන්නා අවස්ථාවේ දෙමටගොඩ පොලීසියේ නිලධාරියා සමගන් තවත් 3ත් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් අනතුරුව ප්‍රශ්න කිරීමේදී ජවාරමේ ප්‍රධාන සැකකරුද පලා යද්දි ඹහුවද ලුහුබැද කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් වු බව කොළඹ නගරය 1 සුරාබදු අධිකාරී , කොළඹ නගරය 1 සුරාබදු ස්ථානාධිපති තිලක් දිසානායක මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන්ව ජයන්තද සිල්වා , තිස්ස කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , කොළඹ නගරය 1 සුරාබදු අධිකාරී , කොළඹ නගරය 1 සුරාබදු ස්ථානාධිපති තිලක් දිසානායක මහතාගේ මෙහෙයවිමෙන් කොළඹ නගරයේ සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.
