Spread the love

නිමල් රාජපක්ෂ

මුහුදු මගින් මෙරටට ගෙන්වු රුපියල් හැත්තෑපන් ලක්ෂයක් වටිනා තෙන්ඩු කොල තොගයක් සමගින් එක් සැකකරුවකු හලාවත ප්‍රදේශයේදී පෙරේදා (16) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගවට ගෙන ඇත.
හලාවත ප්‍රදේශයේදි කොළඹ අවට බීඩි කර්මාන්ත කරුවන් සදහා අලෙවි කිරිමට රැගෙන යාමට සුදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ කිලෝ 790 ක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.
ජාවාරම් කරුවන් රේගුවට තෙන්ඩු කොල කිලෝවකට රුපියල් 6500 ක මුදලක් ගෙවිමට සිදු වන බැවින් මුහුදු මගින් රැගෙනවිත් කොළඹ අවට සිටින බීඩි කර්මාන්ත කරුවන්ට බෙදා හරින බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි අනාවරනය වි තිබේ.

විඩියෝව නරඹන්න

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .බි.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරී පී.එන්. හේමන්ත යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.