Spread the love

නිමල් රාජපක්ෂ

බුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින දෙදෙනකුගේ ගමන් මළුවල සගවා තිබු රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමගින් අදාල පුද්ගලයින් දෙදෙනා ගුවන් තොටුපල රේගු නිලධාරීන් අද අලුයම .3.00 පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අදලා පුද්ගලයින් දෙදෙනා නීති විරෝධී ලෙස විදේශීය සිගරැට් තොගය මෙරටට රැගෙන විත් ඒවා Green Channel ඔස්සේ රැගෙන යාමට තැත් කිරිමේ දි මෙසේ රේගු නිලධාරින් කොටුකර ගැනීමට සමත්වී තිබේ.

ඉන් එක් අයෙකු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද අලුයම 03.00ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම අනෙක් පුද්ගලයා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ද අලුයම 03.00ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔවුන් රැගෙන ආ ගමන් මලු තුළ තිබී විදේශීය නිෂ්පාදිත ප්ලැටිනම් සෙවන් වර්ගයේ දුම්වැටි 75,600ක් අඩංගු දුම්වැටි කාටූන් 378ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.