නිමල් රාජපක්ෂ
රුපියල් කෝටි හයක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් සුපෝගබෝගි මෝටර් රථයක් සමග පොදුපෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුලුව තවත් සැකකරුවකු කුරුණෑගල සුරාබදු නිලධාරීන් පසුගියදා (31) සවස බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු වත්තල ප්‍රාදේශීය සභාවේ පොදුපෙරමුණේ ප්‍රාදේශීය සභා මත්ත්‍රි වරයකු බවට අනාවරණය වු බවද කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න මහතා පවසයි. සැකකරුවන් දෙදෙනා ලග තිබී විදේශීය සිගරැට් ලක්ෂ හතරක් සොයා ගැනීමට කුරුණෑගල සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
අදාල සැකකරුවන් අලලුණු ඇතුළු නොයෙක් ව්‍යාපාර කරන මුවාවෙන් බුබායි සිට මෙරටට ගෙන්නු විදේශීය සිගරුට් ජාවාරමද සරුවට කෙරගෙන ගොස් තිබේ. මෙහිදී බියගම ප්‍රදේශයේදි විශෙප් වර්ගයේ මෝටර් රථයෙන් විදේශීය සිගරැට් බෙදාහරිමින් සිටියදී ව්‍යාජ ඟැනුම් කරුවකු යොදවා සිගරැට් මිලදි ගන්නා මුවාවෙන් සිගරැට්ලක්ෂයක් සමගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙහි ප්‍රධාන සැකකරු කැළණිමුල්ල ප්‍රදේශයේ සිටින බවට තොරතුර අනාවරණය කර ගෙන තිබේ. ඹහුට සිගරැට් වල මුදල් ලබා දීමට කථාකොට ගෙන්වා පසුව ඹහුගෙන් ප්‍රශ්න කිරිමේදී කැළණිමුල්ලේ වෙයා හවුස් එකකින් තවත් සිගරැට් ලක්ෂ තුනක් සොයා ගැනීමට සමත්වී ඇත.
මෙම සිගරැට් වෙළද පොල අලෙවි වුයේ නම් රජයට රුපියල් කෝටි හතරහමාරක පාඩුවක් සිදු වන බවද සම්පත් සිරිමාන්න මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 07 වන දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිිරීමට නියමිතය.
සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.බී .එන්. ඒ පේමරත්න මහතා ගේ උපදෙස් මත, සහකාර සුරාබදු කොමසාරිස් වයඹ -1 රොෂාන් පෙරේරා , කුරුණෑගල සුරාබදු අධිකාරි ධීර ගුණසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු සේමසිංහ බණ්ඩාර , සැරයන් 654 අමරානන්ද , සුරාබදු කෝප්‍රල් 1039 කස්තුරි , 1136 බණ්ඩාර,1086 නලින්ද ,රියදුරු චන්ද්‍රෙස්න යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.
