කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂ රුක්ෂාන් මහතා පවසයි.
ආනයනික කිරිපිටි මිල අද දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙලෙස කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බවය.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබුණි.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමටද ඔවුන් එකඟවී ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
