සමාජ න්‍යායකට හෝ උසාවි තීන්දුවකට හෝ දේශපාලන වේදිකාවක පැය ගණනක කතාවකට වඩා තිරසාරව පවතින හෘදයාංගම සංහිඳියාවක් ඇති වන්නේ පොංගල් බතක්, බෞද්ධ, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි පවුලක් සමග බෙදාගන්නා මොහොතකදීයි යනුවෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ශ්‍රී ලාංකීය දමිළ ප්‍රජාව මහත් හරසරින් සමරනු ලබන තෛ පොන්ගල් දින උත්සවයට සමගාමීව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ඒකාබද්ධතා අංශය විසින් සංවිධානය කරනු ලැබූ තෛ පොන්ගල් දින උත්සවය අද දින (16) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
උත්සවයේදී අදහස් පල කරමින් අමාත්‍යතුමා මෙසේ පැවසීය.
තෛපොංගල් උත්සවය මගින් අර්ථවත් වන්නේ චාරිත්‍රානුකූල වතාවත් පමණක් නොවේ. මිනිසා හා මිනිසා අතරත්, මිනිසා හා සමාජය අතරත් මිනිසා හා සොබාදහම අතරත් ගැඹුරු සම්බ¬න්ධ¬තා¬වය¬යි. අපගේ ජීවන පැවැත්ම උදෙසා උපකාරවන සූර්යයාට, මහපොළොවට සහ මහ පොළොව මත ශ්‍රමය වපුරන සහ වගා අස්වැද්දවීමට උදව්කරන ගව මහීෂාදී සතුන් වෙනුවෙන් කෘතඥතාව පිළිගන්වන, ස්තුතිය ප්‍රකාශ කරන දිනයක් වශයෙන් තෛපොන්ගල් උත්සවය සැලකෙනවා.
ඒ වගේම නැවුම් බලාපොරොත්තුවලින් අලුත් ගමනක් අරඹන දිනයක් ලෙසත් තෛයි පොන්ගල් දිනය හඳුන්වන්න පුළුවන්.
තෛපොංගල් මගින් අපට උගන්වන්නේ අප සොබාදහමෙන් වෙන්ව නොසිටින අතරම අපද සොබාදහමේ ම කොටසක් වන බවයි. අපගේ ජීවිතය, ආහාර සහ අපගේ සමෘද්ධිය පොළොවෙන් සහ අහසින් ලැබෙන තෑගි බව පිළිගනිමින් එයට කෘතඥ වෙමින් පළමු අස්වැන්න තෛයි පොන්ගල් දිනයේදී සූර්යයාට පූජා කරනු ලබනවා.
සොබාදහම සමග ඇති මේ බැඳීම පාරිසරික යුක්තියයි. සාධාරණ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් යනු සොබාදහම සමග ඒකාත්මිකව ජීවත් වන්නක් මිස එයට බරක් වී ජීවත්වීම නොවේ.
දෙමළ ජාතික උත්ස¬ව¬යක් ලෙස තෛපොන්ගල් උත්සවය හැඳි¬න්වූ¬වත්, එහි අන්ත¬ර්ග¬තය සහ අර්ථය කිසිදු එක් ජාතියකට හෝ ආග¬ම¬කට සීමා වූවක් නොවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි බහු ආග-මික, බහු සංස්කෘ¬තික රටක තෛපොං¬ගල් උත්ස¬වයේ තිබෙන වැදගත්කම ඉතා ඉහලයි. කෘත¬ඥ-තාව, බෙදා¬ගැ¬නීම, සරල ජීවි¬තය, පරි¬ස¬රය සමඟ සම්බ¬න්ධ¬තා¬ව ආග¬මික දර්ශ¬න¬වාදව¬ල වටිනා අග¬යන් ලෙස සැලකෙනවා
එබැව්න් තෛපෛාන්ගල් යනු සාමූහිකව සමා¬ජ¬යක් ලෙස එකි¬නෙ¬කාගේ සංස්කෘ¬තික බැඳීම හඳු¬නා¬ගැ-නී¬මට ඇති මහඟු අවස්ථාවක්. ඒ අනුව තෛපොන්ගල් උත්සවය සමාජය ඒකාබද්ධ කිරීමේ කලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
එබැවින් අප රටේ බහුවිධ සමාජයේ පවතින සංස්කෘතික සහ ආගමික වෙනස්කම් මකා දැමීමට නොව, ඒවා ශ්‍රී ලාංකික ජාතික වියමනේ අලංකාරය සහ ශක්තිය ලෙස අප හඳුනාගත යුතුයි. සෑම සංස්කෘතියක්ම, භාෂාවක්ම සහ සම්ප්රදායක්ම ගරු කරන, සැමරෙන සහ නීතියෙන් ආරක්ෂා කරන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අපගේ අපේක්ෂාවයි. ශ්‍රී ලාංකිකයන්ට අනන්‍ය DNA යනු පොංගල් බතේ සිට වෙසක් පහන් කූඩු දක්වාත්, ඊද් මංගල්‍යවල සිට නත්තල් කැරොල් දක්වාත් ඇති විවිධත්වය අපි එක හා සමානව සැමරීම බව මගේ වටහාගැනීමයි.
