Spread the love


නිමල් රාජපක්ෂ-

මාවනැල්ල මහවත්ත ප්‍රදේශයේ බීඩි කර්මාන්ත ශාලාවක කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වටිනා තිරු බදු නොගෙවු බීඩි හා තෙන්ඩු කොල තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් තොගයේ වෙළද පලට නිකුත් කිරීමට සුදානම් කර තිබු බීඩි හැත්තෑලක්ෂයක් හා තෙන්ඩුකොළ කිලෝ හාරදාහක් සොයා ගත් බව දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි.

බීඩි කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගිය බලපත්‍ර ලාභියා බලපත්‍ර කොන්දේසි කඩ කරමින් ජාවාරම් සිදු කිිරීමට විරුද්ධව කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට තිබේ.

ඉදිරියේදි බීඩි කර්මාන්තය හිමි බලපත්‍ර ලාභියා සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ .පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තුවක් නියම කිරීමට නියමිතය.

වීඩියෝව නරඹන්න

සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.බී.එන්. ඒ .පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමාසාරින් තිස්ස කුමාර රාජපක්ෂ , දිපව්‍යාප්ත සුරාබදු විිශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන් .හේමන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් , දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ අධීක්ෂණය යටතේ . පරික්ෂක වරුන්වන තුෂාර වීරමන් , ලක්මාල් සේනානායක ,දිසානායක, සරත් ජයවීර, සුරාබදු සැරයන් 679 ජගත් , සුරාබදු කෝප්‍රල් වරුන්වන742 තේනුවර , 1009 මෙරංග, 1058 උදාර , 1062බුද්ධික ප්‍රසාද් ,1146 බුද්ධික,694 දුලාන් , 1188 කුඹලාතර ,986 සනත් ,සුරාබදු රියදුරන්වන පුබුදු හා හරිස්චන්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.