දේවින්ද පිණිදිය
වර්ථමාන රජය මාධ්‍යවේදීන්ට නිදහසේ තම සේවය ඉටු කරීමට පසුබිම සකස්කර තිබෙන බව අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා. ඊයේ (30) කඩවත ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ පැවති ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය සංසදයේ විශේෂ මහ සභාවට ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍යවේදියාගේ කාර්යභාරය සමාජයේ පැවැත්මට ඉතා වැදගත්යැයි අමාත්‍යවරයා පවසා සිටියා. වර්ථමානයේ සමහර මාධ්‍ය ආයතන අධිපති මතවාදයක සිටින බවත් මාධ්‍යවේදීන්ට පහරදුන්, පැහැරගත්, ඝාතනය සහ මාධ්‍ය ආයතන ගිනිතැබූ යුගය වර්ථමාන රජය අවසන් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසුවේය.
