Spread the love

නිමල් රාජපක්ෂ

අද(1) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මිරිස්වත්ත මංසන්ධියේ දී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලයිට් කණුවක හැපී තිබේ.අනතුරින් තුවාල ලැබු අය ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ. මෝටර් රථය කොතෙක් වේගයෙන් පැමිණියේදී කියතොත් ලයිට් කණුව දෙකට කැඩී කොළඹ නුවර ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබිණ.

මේ හේතුවෙන් මිරිස්වත්න මංසංන්ධියේ තිනි මංතීරුවක් පමණක් රථවාහන හිමියන්ට භාවිතා කිරීමට සිදුවිය . පැයක පමණ කාලයක් අවට ප්‍රදේශවල විදුලියද විසන්ධ වි තිබු බවට වාර්තාවෙයි.