මුල්කිරිගල ගුණරත්න
දකුණු පලාත් සංවර්ධන සැලැස්ම යටතේ දකුණු පලාත් අමාත්‍යාංශ 5ක් සදහා උපමාන පාදක ප්‍රධානය හා පලාත් නිශ්චිත සංවර්ධන සැලැස්ම යටතේ මෙම වර්ශයේ (2026) සදහා රුපියල් මිලියන 2937.71 ක මුදලක් ගෙවීමට ඇති බැව් දකුණු පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
මේ අනුව දකුණු පලාත් ප්‍රධාන අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 945.12 ක් ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 835.29 ක් ද, කෘෂිකාර්ම අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 420.52 ක් ද, ක්‍රීඩා අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 365.77 ක් ද, ධීවර අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 371.01 ක මුදලක් ද වෙන් කර ඇත. එමෙන්ම දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය සදහා වෙනත් ප්‍රධාන යටතේ රුපියල් මිලියන 921 ක මුදලක් ද වෙන් කර ඇත.
දකුණු පලාත් සංවර්ධන සැලැස්ම දකුණු පලාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා විසින් පසුගිය දා දකුණු පලාත් වැඩ බලන ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මීය වෙත පිලිගන්වනු ලැබීය.
