Spread the love

නිමල් රාජපක්ෂ
පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ පසුගියදා (20) පෙරෙවරුවේ සිදු කළ ප්‍රවශෙපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන්කල මගින් 66 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා සිදු කොට තිබේ. දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා නිලධාරිනියක් ගමපහ දුම්රිය ස්ථානයෙක් දුම්රියට ගොඩවි රාගම දුම්රිය ස්ථානය තෙත් දුම්රියේ ගමන් කොට එතැන් සිට දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර පරික්ෂාකොට තිබේ.
මෙහිදී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කල මගින් අතර කාන්තාවට විසිපහකට වැඩි පිරිසක් කොටු කර ගැනිමට දුම්රිය ආරක්ෂ නිලධාරීන් සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් මගීන් 43 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 1 34 680 දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ. ඒ මෙහෛාතේ දඩ මුදල් ගෙවිමට නොහැකි මගීන් ඇපකර තබා ගොස් තිබේ.
කොටුව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත, සහකාර ආරක්ෂක අධිකාරි ජී.ඩබ්ලිව් සුමිත් මහතාගේ අධීක්ෂණයෙන් , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්ප කුමාර මහතාගේ මෙහෙයවිමෙන් අවට සේවා ස්ථාවල නිලධාරින් හා නිලධාරිණියන් 36 දෙනෙකුගේ සහයෝගයෙන් මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාවට සිදු කළහ..