මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාව නව්‍යකරණයට ලක් කරමින් එම සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාරක සහ හදුන්ගමුව උප තැපැල් කාර්යාල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ජනතා අයිතියට පත් කෙරිණි.
රුපියල් මිලියන 5.79 බැගින් වූ මූල්‍ය පිරිවැයක් යටතේ මෙම උපතැපැල් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.
මාරක උප තැපැල් කාර්යාලයේ සහ හදුන්ගමුව නව උප තැපැල් කාර්යාල ගොඩනැගිලි වල ඉදිකිරීම් 2025 වසරේ නොවැම්බර් මස ආරම්භ කරන ලද අතර, මාස 04 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරිමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
වසර 57 ක අතීතයකට හිමිකමි කියන මාරක උප තැපැල් කාර්යාලය මෙන්ම හදුන්ගමුව උපතැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පළමු ගණුදෙනු කටයුතු ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙම උප තැපැල් කාර්යාල නවීනතාවයෙන් ඉදිකිරිමට පියවර ගැනීමත් සමග අවට ප්‍රදේශවෙල ජනතාවට සේවා රැසක් ලබාගැනීමට ද හැකියාව ලැබේ.
ඉහත උපතැපැල් කාර්යාල ජනතා අයිතියට පත් කිරීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මුල්ගල් තැබීමෙන් පසු මුල්ගල් පැලවීමට ඉඩනොදී ඉතාම කෙටි කාලයක් තුළ එම ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීමට හැකිවීම තුළින් රජයේ සැළසුම් සහගත වැඩපිළිවෙල මනාව පිළිබිඹු කරන බවයි.
මෙරට තැපැල් සේවාව පසුගිය වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයට ලක් නොවූ බවත් වර්තමානයේ තැපැල් සේවාවට නොතිබුණු වටිනාකමක් ලබාදීමට කටයුතු සිදු කෙරෙන බව ද පැවසූ අමාත්‍යවරයා මෙරට ආර්ථිකය කිසිම දිනෙක ගොඩනැගිය නොහැකි බවට වූ අදහසක සිටි බවත් පාලකයින් ද එම අදහස පෝෂණය කරමින් සිටි බව ද අවධාරණය කරන ලදි. නමුත් අද වන විට රාජ්‍ය සේවකයින් ඇතුලු සියළු ජනතාවගේ කැපවීම මත 2025 වර්ෂය අවසන් වනවිට ආර්ථිකයේ විශාල ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වූ බව ද මේතාක් කාලයක් භාණ්ඩාගාරයට ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය රාජ්‍ය භාණ්ඩාගාරයට එකතු කර දීමට හැකියාව ලැබී ඇති බවද ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ද වාර්තා කළ බව පැවැසීය.
එම ආර්ථික ප්රතිලාභ ජනතාවට ලබාදීමට රජය කටයුතු කරන ලද බවත්, යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගනු ලබන බවත්, තැපැල් සේවාවේ සංවර්ධන කටයුතු ද ඒ අනුව සැළසුම් සහගත වැඩපිළිවෙළක් තුළ සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.
