Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාව තුල ආපදාවලින් තොර පරිසරයක් සකස් කිරීම වෙනුවෙන් ස්ථාපිත, ‘ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය’ තාක්ෂණ සේවා සපයමින් පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් ලෙස දිවයින පුරා සිය සේවා දායකත්වය ලබාදෙමින් සිටියි.

පොදුජන ජීවිතය හා බැදුණු මානව ජනාවාසකරණ සැලසුම්කරණය, නායයාම සහ ඒ ආශ්‍රිත භූ විද්‍යාත්මක උවදුරු ඇතුලු තත්වයන්වලදී සිය විශේෂඥ දැනුම සහ කාර්යභාරය ඉටුකරමින් පර්යේෂණ ආයතනයක් ලෙස නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

“උවදුරු අවදානම අඩු කිරීම” යන ප්‍රධාන අරමුණ මත පිහිටා සිය සේවාවන් ඉටුකරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී ඒ වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් සිටියි.

2025 වසරේදී ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් දිවයිනේ මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියට බරපතල හානි සිදුවිය. එම සියලු මාර්ග නිත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අවශ්‍ය තාක්ෂණික දැනුම හා විශේෂඥ සේවා ලබාදීම කඩිනම් කර ඇත. හානි වූ දුම්රිය මාර්ග හා මහාමාර්ග පිළිබද විධිමත් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකර එම වාර්තා මත පදනම්ව ඉදිරි සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් එම ආයතන ඒකාබද්ධව සකස්කර ඇත. එම වැඩපිළිවෙල යටතේ දුම්රිය හා මහාමාර්ග පද්ධති නැවත ප්‍රතිසංස්කරණයේදී ස්ථාවර හා ආරක්ෂිතව ඉදිකිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා පදනම් කරගෙන සිදු කිරීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අවධානම් තත්ත්වයන් බැහැරකර ගැනීමට හැකියාව සැලසෙනු ඇත.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 පිහිටි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
ත. එමෙන්ම දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානි 70 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 22 ක් දැඩි හානි බව අදාල වාර්තා මගින් පෙන්වා දී ඇත. මෙම ප්‍රතිසංස්කරණ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව නිර්මාණ කටයුතු ආරම්භ කර ඇත. මෙම ඒකාබද්ධ වැඩපිළිවෙලට අවශ්‍ය භූ විද්‍යාත්මක තත්ත්ව වාර්තා සියල්ල ඉදිරි මාර්තු 31 වන දිනට පෙර ලබාදීමට ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිය එකගතාව පළකර ඇත.