අධිකරණ ක්ෂේත්රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටළු නොවෙයි, එම ගැටළු වසර 15 ක් 20 ක් තිස්සේ පැවති ඒවායි – අධිකරණ ඇමති පවසයි.
මාතර අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබදව මාතර නීතිඥ සංගමය සමඟ ඊයේ (26) පස්වරුවේ මාතර කොටවිල අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.
අධිකරණ ක්ෂේත්රයේ පවතින්නේ අද ඊයේ ඇති වු ගැටළු නොවෙයි. එම ප්‍රශ්න වසර 15 ක් 20 ක් තිස්සේ පැවති ඒවායි. පැවති දේශපාලන සංස්කෘතිය ඒකට බලපෑවා. දේශපාලන සංස්කෘතියේ පැවති බලපෑම නිසා රාජ්‍ය සේවයේ සංස්කෘතියටත් එය බලපෑවා. අද නීති ක්ෂේත්රයේ පමණක් නොවෙයි, වෙනත් ඇමතිවරුන් සමඟ කථා කළත් ප්‍රශ්න පවතින බව සඳහන් කරනවා. අද වන විට සෑම ආයතනයකම පවතින ප්‍රශ්න විසඳිය යුතු අභියෝග බවට අපි දකිනවා. ඒවා විසදීමේ හැකියාව තිබෙනවා. ප්‍රශ්න නිර්මාණය කර තිබෙන්නේ මනුෂ්‍යා විසින් නම් ඒවා විසඳිය හැකියි. අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු 6021 ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ තුළ තිබුණා.
පවතින ආර්ථික තත්වයන් හමුවේ වුවත් ඉන් 1800 කට ආසන්න සංඛ්‍යාවක් දැන් බඳවා ගැනීමට ක්‍රියා කර තිබෙනවා. අද වන විට අංග සම්පුර්ණ අධිකරණ සංකීර්ණ රට තුළ නැහැ. රජයේ රාජකාරී සිදු කිරීමේදී පවතින රෙගුලාසි අනුව කටයුතු කළ යුතුයි. මේ ප්‍රශ්න විසදීමේදී විවෘත මනසකින් යුතුව අපි කටයුතු කරනවා. අමාත්‍යාංශයේ පුරප්පාඩු සියල්ල බඳවා ගැනීමට එකවර සිදු කළ නොහැකියි. මහා භාණ්ඩාගාරයේ පවතින තත්වය අනුව ක්‍රියා කල යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට හා මුල්‍ය කළමණාකරණ පනතට අනුව අපි කටයුතු කළ යුතු වෙනවා. පසුගිය රජයන්ට වගේ මුදල් අච්චු ගහන්න බැහැ. ස්ථාවරව අභියෝග ජය ගනිමින් පියවරින් පියවර පවතින ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉදිරියට යා යුතු බවද අමාත්‍යතුමා සඳහන් කළේය.
මහෙස්ත්‍රාත් අධිකරණ පහසුකම්, අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත සම්මන්ත්රණ ශාලාවට පහසුකම් ලබාදීම, කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ලබාදීම, සහතික පිටපත් ලබා ගැනීමේ උපකරණ ලබාදීම, අධිකරණ පරිශ්‍රය සඳහා ස්වයංක්‍රිය බැංකු පහසුකම් ලබාදීම, නීතිඥ කාර්යාල ඉඩම් ගැටළුව සහ සේවාදායක ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විණි.
නීතිඥ කාර්යාල සංකීර්ණයේ පහසුකම් පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද අධිකරණ අමාත්‍යතුමා නිරත විය.
මාතර මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ ජයන්ත පතිරණ. වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති නීතිඥ, චින්තක හේවා පතිරණ, මාතර අධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, කීර්ති ධනුෂ්ක ජයසිංහ, එම නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ, ගයාන් ප්‍රසංග යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
