ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇති අතර එයින් 30 දෙනෙකු නාවික හමුදාව මුදගෙන පත්රකිකාර සදහා කරපිටිය රෝහලට රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා පැවසුවේ ය.
මේ අතර නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක් පිටත් කර ඇති බව වාර්තා වෙයි.
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පිරිස මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන විත් තිබුණි.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවය.
මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ අතර, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවය.
අදාළ නෞකාව ගිලෙමින් පවතින බවට අද උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
