අන්තර් සමාගම් සේවක සංගමයේ Varun Beverages Lanka Pvt Ltd (Pepsi Cola Company) ශාඛාවේ සහ Royal Ceramics Lanka PLC (Rocell) හි ඇහැළියගොඩ ශාඛාවේ සාමාජිකයන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට පරිත්‍යාග කරන ලදී.
ඒ අනුව අන්තර් සමාගම් සේවක සංගමයේ Varun Beverages Lanka Pvt Ltd Pepsi Cola Company) ශාඛාවේ සේවකයින්ගේ දිනක වැටුප ලෙස රුපියල් 458,629ක් ද, Royal Ceramics Lanka PLC (Rocell) හි ඇහැළියගොඩ ශාඛාවේ සාමාජිකයන්ගේ දිනක වැටුප ලෙස රුපියල් 337,662 ක් ද පරිත්‍යාග කර තිබේ.
ඊට අදාළ චෙක්පත් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත ඊයේ (03) පිරිනමනු ලැබීය.
අන්තර් සමාගම් සේවක සංගමයේ මව් සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෝමදාස වීරතුංග, අන්තර් සමාගම් සේවක සංගමයේ Varun Beverages Lanka Pvt Ltd ශාඛාවේ සභාපති ආර්. එම්. කේ. පෙරේරා, Varun Beverages Lanka Pvt Ltd (Pepsi Cola Company) නියෝජනය කරමින් ජානක සමන් විතාන,ඉසුරු එරංග, එස්. ඒ. කේ. වීරසිංහ යන මහත්වරු සහ Royal Ceramics Lanka PLC (Rocell) හි ඇහැළියගොඩ ශාඛාවේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
