නිමල් රාජපක්ෂ
කදාන , මාකෙවිට හා ජාඇල ප්රදේශයේ කල සෝදිස මෙහෙයුමකදි වගුරු බිම් ආශ්රිතව මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර තුනක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු කොළම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්රීතු ලිටර් 245 ක්, ගෝඩා ලීටර් 72 ක්, බැරල් 08 ක්,දගර 3ක් හා ගෑස් සිලින්ඩර 3 ක් තිබු බව කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි.
සැකකරුවන් ඉතා සුක්ෂම ලෙස ගැස් ලිප් ආධාරයෙන් ගොහුරු මඩ වගුරේ කාලයක් තිස්සේ ම්ත්පැන් නිෂප්දානය සිදු කර ගෙන ගොස් ඇතැයිද ප්රශන් කිරීමේදී සැකකරුවන් පපොච්ජාරණය කර තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පි.එන් .හේමන්ත මහතාගේ අධිීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා ඇතුලු නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.
