Spread the love

දේවින්ද පිණිදිය

දිට්වා හදිසි ආපදා තත්වයෙන් ඇතිවු ගංවතුරින් බලපෑමට ලක් වු මහනුවර අධිකරණයේ වර්තමාන තත්වය සහ මහනුවර අධිකරණ සංකීර්ණයේ අලුත් වැඩියා කිරීමේ කටයුතු පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (12) පස්වරුවේ නිරත විය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහාධිකරණ විනිසුරුතුමා ඇතුළු විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් මහනුවර අධිකරණයේදී පැවැත්විණි.

මහනුවර අධිකරණ සංකිර්ණයේ අලුත්වැඩියා කිරීමේ කටයුතු මාස පහක් තුළ අවසන් කිරීම, සම්පුර්ණ වශයෙන් අක්‍රිය තත්වයට පත්ව ඇති විදුලි සෝපාන යථා තත්වයට පත් කිරීම, වායු සමීකරණ යන්ත්‍ර අලුත් වැඩියා කිරීම ඇතුළු අධිකරණ සංකීර්ණයේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාරී ජයසිංහ මහත්මිය ඇතුළු නීතිඥවරුන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, අධිකරණ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.