නිමල් රාජපක්ෂ
අපේ රටේ ජනගහනයෙන් හතරෙන් එකක් (1/4) දිළිඳුභවෙන් පෙළෙන බවත්. එම දිළිඳු ජනගහනයෙන් 80% පමණ ග්රාමීයව ජීවත් වන බවයි. එමෙන්ම ප්රශ්නය හඳුනා නොගෙන නිවැරදි පිළිතුරු සෙවීමට හැකියාව නොලැබෙන නිසා ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට මුලින්ම අප කළ යුත්තේ එක් එක් ග්‍රාම සේවා වසමට අදාලව දුප්පත්කමට හේතු හදුනාගෙන ඒ අනූව ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියළු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
දීපව්‍යාප්තව සංවිධාන කරන ප්‍රජා ශක්ති – ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ සමුළු මාලාවේ පුත්තලම දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
මේ වන විට මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්වය හමුවේ ගෝලීය ආර්ථිකයට යම් බලපෑමක් එල්ලවන බවත් පසුගිය මාස 15ක පමණ කාලය තුල රටේ ආර්ථිකය ශතිමත් කළ නිසාවෙන් අපට එම බලපෑම අවමකර ගැනීමට හැකියාව ලැබුණු බවත්. එසේ නොවුනානම් යලිත් පෝලිම් යුගයක් නිර්මාණය වන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සමුළුව අමත්මින් අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා සඳන් කළේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ඉතිහාසයේ නොයෙකුත් වැඩසටහන් විවිධ රජයන් යටතේ ක්‍රියාත්මක කලත් අරමුණ ජය ගැනීමට නොහැකිවී ඇති බවත් ජාතික ජනබලවේගය රජය යටතේ ක්‍රියාත්මක ප්‍රජා ශක්ති වැඩසටහන අපේ රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක අවසන් වැඩසටහන බවට සැකයක් නොමැති බවත්ය.
