නිමල් රාජපක්ෂ
වේයන්ගොඩ, මගලේගොඩ ,හග්ගල ,අමිතිරිගල,බුලත්කොහුපිටිය,උඩුපොත,දෙද්දුගල යන ප්‍රදේශවල පුරා දින තුනක් (22,23,24 ) සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර වටලා නීති විරෝධී මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලි 71750ක් , ගෝඩා මිලි ලීටර් 75000 ක් ,බැරල් 10 දගර ඇතුලු උපකරණ තොගයක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී මහේස්ත්‍රාක් අධිකරණ වෙත ඉදිරි පත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ , සුරාබදු අධිකාරී පී.එන් .හේමන්ත යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ, කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවිමෙන් , පරික්ෂක වරුන්වන එස්.එම්.සී.එල් සේනානායක , ජේ.එම්. සරත්,සැරයන් මේජර් සී.එන් ලොකුපිටිය, වයි.ඒ.සී කුමාර,කෝප්රල් වරුන්වන අතුල, ජීවත්න,ජයන්ත , නියාමකවරුන්වන රත්නසේකර , කුඹලාතර ,නියාමක රියදුරු හරිශ්චන්ද්‍ර,ධනුෂ්ක ඇතුලු නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.
