Spread the love

සපුගස්කන්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි 05කට අධික වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක්, ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 515 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 565 ක් තිබු බවයි පොලිසිය පැවසුවේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු විසින් අදාළ සැකකරුට ලබා දුන් ඒවා බවට තොරතුරු හෙළි වී ඇත.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ