Spread the love

නිමල් රාජපක්ෂ

කල්එළිය, දම්පිල්ලැව ප්‍රදේශයේ බීඩි කර්මාන්ත ශාලාවක තිබි රුපියල් 2070 000/ විටිනා බීඩි නිෂ්පාදනය සදහා තීති විරෝධී ලෙස ගෙනත් තිබු තෙන්ඩු කොල තොගයක් ඊයේ (27) කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තෙන්ඩු කොල තොගයේ තෙන්ඩු කොළ කිලෝ 300 ක ප්‍රමාණය ක් තිබු බව කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතා පවසයි.

බලපත්‍ර ලත් බීඩි නිෂ්පාදකයා හට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ඇති අතර ඉදිරියේදි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි එන්.ඒ. පේමරත්න මහතා වෙත ඉදිරිපත්කොට පෙරවැරදි සලකා බලා සමථ ගාස්තු නියම කිරිමට නියමිතය.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ සහ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන් .හේමන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත , කොලඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ අධික්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක සරත් ජයවිර .සැරයන් මේජර්වයි.ඒ.ඒ.සී. තුමාර , නියාමක වරුන්වන රත්නසේකර , කුමාරසිංහ , සිල්වා, නියාමක රියදුරු පුබුදු යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.