පවතින උණුසුම් කාලගුණයේ වෙනසක් ඇති කරමින් අද (29) පස්වරුවේ සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. .
දිවයිනේ සෙසු ප්‍රදේශ ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතියි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
