Spread the love

නිමල් රාජපක්ෂ
දොඩම්ගොඩ ,කළුතර හා මිල්ලණය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිදු කල සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් අධිකරණවෙත ඉදිරිපත් කොට දඩ මුදල් අයකර ගෙන ,හෝටල් ආපන ශාලා හා රටබිම හල්වල වැරදි සදහා සමථ ගාස්තු අයකොට හා බීඩි නිෂ්පාදකයින්ගෙන් බදු ආදායම් ලබා ගෙන රුපියල් 219 51500 දඩ හා බදු ආදායමක් රජයට ලබාදීමට කළුතර සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් 2025 වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසම්බර් 31 වැනිදා දක්වා සිදු කොට නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් 400 දෙනෙකු කොටුකර ගත් බව කළුතර සුරාබදු ස්ථානාධිපති ධම්මික පුෂ්පකුමාර මහතා පවසයි.
මෙම වැටලිම් සිදු කිරීමේදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 73 ක් , කසිප්පු ළග තබාගෙන සිටි පුද්ගලයින් 244 ක්, මහරා ජවාරම් කරුවන් 35 දෙනෙකු, බලප ත්‍ර
නොමැතිව බියර් අලෙවිකල 10 , රජයේ අරක්කු හොරට අලෙවිකල 2 අත්අඩංගුවට ගැනීමට සමත්වි ඇත.
මෙහිදි නිවසක් කුළියට ගෙන මත්පැන් නිෂ්පාදනය කරමින් සිටියදි එක් සැකකරුවක් සමගින් ගෝඩා ලීටර් 750 ක් , කසිප්පු මිලි ලීටර් 457500 පෙරණ උපකරණ ගෑස් ලිපක් සොයා ගැනීමට හැකිවුවා .එම සැකකරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපක් කිරිමෙන් පසු සැකකරුට රුපියල් 90 000/ දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.
ප්‍රාදේශීය ලේකම් තුනෙහි සිදු කල වැටලිම් වලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් හාරසිය දෙනා කළුතර හා හොරන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන්හට රුපියල් 33 60 000/ දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.
මීට අමතරව තම බලප්‍රදේශයේ හෝටල් ආපනශාලා හා රටබීම හල් වල සිදු කල වැරදි සදහා බලපත්‍ර ලාභින් 39 දෙනෙකුට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ඹවුන්ගේ පෙරවැරදි සලකා බලා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා වෙත ඉදිරිපත්කොට රුපියල් 873 500 සමථ ගාස්තුවක් අයකර ගත් බවද ධම්මික පුෂ්පකුමාර මහතා පැවසුවේය.
මෙම වැටලීම් වලදි බීඩි නිෂ්පාදනය සදහා බලපත්‍ර ලබාගත් අයකු නීති විරෝධි අයුරින් තෙන්ඩු කොල කිලෝ 57 ක් ප්‍රහාහනය කරමින් සිටියදි කොටුකර ගත් අතර අදාල බලපත්‍ර ලාභියාවත් , ආපන ශාලාවක් සුරාසැල් වැසිය යුතු දිනක විවෘතකොට මත්පැන් අලෙවි කරද්දි වැටලීම් සිදු කොට එම ස්ථානය සීල් තබා එහි බලපත්‍ර ලාභියා වත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු බලපත්‍ර ලාභින් දෙදෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක බැගින්වු දෙදෙනාට රුපියල් ලක්ෂ දහයක සමථ ගාස්තුවක් ගෙවන ලෙස නියම කළේය.
මෙහිදි බීඩි කර්මාන්තය පවත්වාගෙන යන බලපත්‍ර ලබා ගත් බීඩි නිෂ්පාදකයින් පනස් දෙනෙකුගෙන් බදු වශයෙන් රුපියල් 17,718,000/ මුදලක් අයකර ගත් බවද ධම්මික පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් පැවසුවේය.

සහකාර සුරාබදු කොමසාරිස් උපාලි ජයසිංහ මහතාගේ උපදෙස් මත , අධිකාරී සුගත් කොලොන්න මහතාගේ අධික්ෂණය යටතේ ,කළුතර සුරාබදු ස්ථානාධිපතිවරුන්වන ප්‍රදීප් ජයවර්ධන . ධම්මික පුෂ්ප කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවිමෙන් , සැරයන් වරකාගොඩ,මහ සැරයන් කෝසල ,කෝප්‍රල්වරුන්වන කුමාර , උමේෂ්, නියාමක රාජපක්ෂ, රියදුරු නිමල් යන නිලධාරිහු මෙම වැටලිම් සිදු කළහ.,ක