Spread the love

ඕමානයේදී ආරක්ෂක අංශ භාරයට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මිදිගම චූටි හෙවත් ප්‍රභාත් මදුසංඛ නැමැත්තා දිවයිනට රැගෙන විත් තිබේ..

දිවයිනට රැගෙන ආ ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවට රැගෙන ගිය බවයි වාර්තා වෙන්නේ.

ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙකි.

මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර,  ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබුණි.