Spread the love

ප්‍රවීණ ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනී ආශා බෝස්ලේ මහත්මිය අසනීප තත්ත්වයෙන් රෝහල් ගත කර සිටියදී අද (12) අභාවප්‍රාප්ත වුවාය.

මියයන විට ඇය 92 වැනි වියේ පසු වුවාය.

1940 දශකයේ සිය පසුබිම් ගායන ජීවිතය ආරම්භ කළ බෝස්ලේ, 1950 සහ 1960 දශකවලදී ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුණා. විශේෂයෙන්ම 1957 වසරේ තිරගත වූ ‘නයා දවුර්’ (Naya Daur) චිත්‍රපටය හරහා ඇය සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබිණ.

විශිෂ්ට කටහඬ පරාසයක් හිමි ඇය භාෂා 20කට වැඩි ගණනකින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, පද්ම විභූෂණ සම්මානය ඇතුළු ඉහළම සිවිල් ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා තිබිණ.