ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධිවර ප්‍රජාවගේ සහභාගීත්වයෙන් මුහුදේදී ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක හා මූලික ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් යාපනය මයිලඩි ධීවර වරායේදී වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමඟ එක්ව සාර්ථකව පැවැත්වීය.
මෙහිදී, මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්වයන්හිදී මූලික ප්‍රථමාධාර ලබාදීම සහ එවැනි අවස්ථා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් න්‍යායික සහ ප්‍රායෝගික ලෙස ධීවරයින් දැනුවත් කරනු ලැබු අතර , එමඟින් අවදානම් අවස්ථාවලදී ක්ෂ්ණිකව හා කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අවැසි දැනුම ලබා දීමට කටයුතු කෙරෙණි.
තවද, ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව සහ සූදානම වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් මාලාවේ එක් පියවරක් වන මෙම වැඩමුළුව තුළදි, සහභාගී වූ ධීවරයින් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න හා ගැටළු පිළිබඳව ද සාකච්ඡා කිරීමට අවස්ථාව එහිදි සලසා දෙන ලදී.
