Spread the love

පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

මීට පෙර පැවති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇති බවයි

උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණි.

ඒ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමනක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇති.