Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, බුද්ධි තොරතුරු මත කල්පිටිය කුඩාව ප්‍රදේශය ආශ්‍රිතවපෙරේදා ( 18) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළකිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සියකට (1,300) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.  

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, කුඩාව ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබූ සැකකටයුතු උර හතලිස් දෙකක් (42) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුල තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ජාවාරම් කරුවන් විසින් සඟවා තබා ඇති බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය දෙකකට (1,302) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.