නිමල් රාජපක්ෂ
ක්වාලාම්පුර් සිට මෙරටට පැමිණි චීන ජාතිකයින් තිදෙනකුගේ ගමන් මලු තුළ සගවා තිබු රුපියල් හැට කෝටි හැට දහසක් වටිනා විදේශ දුම්වැටි තොගයක් ගුවන් තොටුපල රේගු නිලධාරීන් අද අළුයම 1.05 පමණ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ පෙට්ටි 202 ක්තුළ සිගවු තිබියදි සිගරැට් 40 4000 ක් තිබු බව රේගු නිලධාරින් පැවසුවේය.
අදාල චීන ජාතිකයින් තිදෙනා හරිත මාවත ඹ්ස්සේ පැමිණීමේදී සිදු කල පරික්ෂාවකදී ඹවුන් ගේ ගමන් මළු හයක සගවා තිබී මෙම සිගරැට්තොගය සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් විදේශිය සිගරැට් තොගය රාජසන්තක කොට තිබේ.
සිද්ධිය පිළිබද රේගුනිලධාරීන් වැඩි දුර විමර්ශන සිදු කරයි.
