“
නිමල් රාජපක්ෂ-
2026 වර්ශය අවසාන වන විට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ප්‍රේශන ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
2026 මුල් මාස හතරේදී විගමණික ප්‍රේෂණ අගය ඇමරිකානු ඩොලර් මිලියන 3.06 ක අගයක් වාර්තා වන අතර එම අගය පුරෝකතනය කරමින් මේ බව සදහන් කරන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ(5/25) කාර්යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මේ වනවිට ඉතිහාසයේ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය උපයා ඇති 2025 වර්ෂයේ මුල් මාස 4දී උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2.4 ක් ප්‍රේෂණ ප්රමාණයකි.
මැද පෙරදිග කලාපයේ යුධමය වාතාවරණයක් පැවතියද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මෙසේ ඉහළ යාමට ශ්‍රමිකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීම, නව රජය ගත් ක්‍රියාමාර්ග නිසා මෙරට විදෙස් රැකියා ක්ෂේත්රයට කීර්තියක් අත්වීම සහ ශ්‍රමිකයන්ට විවිධ වූ සුභසාධන පහසුකම් ලබාදීම වැනි හේතූන් උපකාරී වූ බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය
