නිමල් රාජපක්ෂ-
වෙසක් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සියළුම සුරාසැල් දින තුනක් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බි.එන්.ඒ පේමරත්ත මහතා පවසයි.
ඒ අනුව මේ මස 30, 31 හා මැයි 1 වැනිදින යන තෙදින සුරාසැල් වසා තබනු ඇත.
අදාල කාලසීමාව තුළ බලපත්‍ර කොන්දේසි කඩ කරමින් ම්ත්පැන් අලෙවි කල හොත් තරා තිරම නොබලා නිතිය දැඩිව ක්‍රියාත්මක කරනු ඇත.
කිසියම් පුද්ගලයකු මත්පැන් අලෙවි කරන්නේ නම් 1913 දුරකථන අංකයට තොරතුරු ලබා දෙන ලෙසක් තොරතුරු ලබාදෙන්නාගේ රහස්‍ය භාවය සුරකින බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේය.
