Spread the love

නිමල් රාජපක්ෂ-.


මින් ඉදිරියට තිරිංග මැදිරියක් නොමැතිව දොඹකරය විවෘත මාර්ගයේ ධාවනය කිරීමට කටයුතු නොකරන බැවත් ආරක්ෂක නීති රෙගුලාසි නිකුත් කිරිමට කටයුතු කරන බවත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) බන්ඩාර චන්ද්‍රෙස්න මහතා ලිඛිතව ලබා දීමට පියවර ගත් බැවින් නියාමක වරු ආරම්භ කල වෘත්තීය ක්‍රියා මාර්ගම මේ මොහොතේ සිට අත්හිටුවීමට පියවර ගෙන ඇත.


ඒ අනුව මේ මොහොතේ සිට සියළුම මාර්ගවල දුම්රියයන් සාමාන්‍ය පරිදි ධාවනය කරන බවද දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලෙකම් රුක්මාල් බණ්ඩාර මහතා පැවසුවේය.

කිසියම් හේතුවක් මත රෙගුලාසි නිකුත් කිරිමට පෙර දොඹකරය ධාවනය කිරීමට සිදුවුවහොත් එක්ජඑන්ජිමක් සහ නියාමක මැදිරියක් සහිතව පමණක් ධාවනය කරවන ලෙස අධිකාරි ( ගමනාගමන) සහ නියෝජ්‍ය අධිකාරි( ගමනා ගමන ) යන මහත්වරු වෙත උපදෙස් ලබා දී ඇතැයිද අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරිවරයා උපදෙස් ලබා දී තිබේ.


එම තීරණයයට අනුව මෙතෙක් දියත් කල වෘත්තිය ක්‍රියාමාර්ගය අත් හැරීමට දුම්රිය නියාමකවරු තීරණය කර තිබේ.