නිමල් රාජපක්ෂ
සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර ගණනක් තිස්සේ පැවැති වැඩ ආවරණ ක්‍රමයට තිත තබා ,තනතුරු උසස්වීම් සදහා ස්ථීර පත්වීම් පිළිබදව පැවැති ඟැටලුවකට විසදුම් මේ සතිය තුළ ලබා දෙනබව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පවසයි.
ඒ අනුව මෙතෙක් පුරප්පාඩුවක් පැවැති නියෝජ්‍ය කොමසාරිස් තනතුර සදහා ස්ථිර පත්වීම් 8 ක් අද සිට ලබා දිමට තීරණය කොට ඇත. එහිදි මෙතෙක් වැඩ ආවරණය සදහා ලබා දුන් අයට මෙහිදි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් හැටියට ස්ථිරවම පත්වීම හිමිවෙයි.
මෙහිදි මේ අටදෙනා අතුරින් ජේෂ්ඨයින් තිදෙනකුට කොමසාරිස් තනතුරට පත්වීම් ලබා දීමට පියවර ගන්නා බවත් . එම කොමසාරිස් වරුන් තිදෙනා හට ආදායම් , නීති ක්‍රියාත්මක කිරීම් හා සැපයුම් හා සංවර්ධන යන රාජකාරි සදහා යොදවීමට තීරණය කර තිබෙන බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා පැවසුවේය
මෙසේ තනතුරු ලබා දීමෙන් මින් ඉදිරියට සිය තනතුරේ පමණක් නිසියාකාරව රාජකාරිය ඉටුකල හැකිවෙයි.
මීට අමතරව ලගදීම වැඩ ආවරණ කිරීම සදහා ලබා දී තිබු සහකාර සුරාබදු කොමසාරිස් වරුන් සදහාද වැඩ ආවරණ සදහා ලබා දී තිබු සුරාබදු අධිකාරි වරුන් සදහාද ස්ථිර පත්වීම් ලබා දීමට කටයුතු කෙරේ.
මෙසේ ස්ථිර තනතුරු ලබා දීම තුළින් මෙතෙක් නිලධාරීන් හට වැඩ ආවරණ සදහා දිස්ත්‍රික් දෙකක රාජකාරි කිරිමට පැවැති යුගය අවසන් වන බවත් ඒ තුළින් දෙපාර්තුමේන්තුවට විශාල ඉන්ධන හා නාස්තිය අවම කර ගත හැකි බවත් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.
මේ තුළින් ජනතාවට හොද සේවාවක් ලබා දීමට හැකිවන බවත් , බදු ආදායම් නිසි පරිදි එක් රැස් කර දිමටත් , මත් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීමට හැකි වන බවත් , බලපත්‍ර ලාභින් සිදු කරන වැරදි සදහා නිති දැඩිව ක්‍රියාවට නැංවිය හැකි බවත් එම්.බී.එන්. ඒ පේමරත්න මහතා පැවසුවේය.
