නිමල් රාජපක්ෂ-
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සිරස මාධ්‍ය ජාලය බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා සිය දායකත්වය ලබාදීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ MTV CHANNEL සහ MBC NETWORKS පුද්ගලික සමාගමේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ අද (06) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මෙහිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාර්තාවන ඩෙංගු රෝගින්ගෙන් සියයට 52.5 ක් ම වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවයි. එමෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් සියයට 20 බැගින් වාර්තා වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 23 ක් ආවරණය වන පරිදි පරිදි ඊයේ (05) දින සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවැසීය.
ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරිම ඩෙංගු මදුරු පාලනය සහ මැඩපැවැත්විම සදහා තිබෙන ස්ථිරසාර විසදුම බවත්, එම කටයුතු අඛණ්ඩව සිදු කරන අතරම ලෝකයේ රටවල් 41 ක් පමණ සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ජාත්‍යන්තරව අනුමත කර ඇති එන්නත් (Vaccines) ක්‍රමවේදය යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරමින් ඉතා ඉක්මණින් එන්නත් (Vaccines) ක්‍රමවේදය සමාජයට භාවිතා කිරිමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම ඩෙංගු මදුරු මර්දනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන, විද්‍යාත්මක ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා (Wolbachia) ක්‍රමවේද වැඩසටහනට ඇතුල්වීමට අදහස් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
