මාලන් විතාන –
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්, ළමා අපයෝජන වැළැක්වීමේ නව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට සහ 2027 පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම නව චක්‍රලේඛය අනුව සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ ෂන්මුගම් කුගදාසන්, අජන්ත ගම්මැද්දගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලුෂා ලක්මාලි ගමගේ විසින් පාර්ලිමේන්තු සභාවේදී යොමු කළ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව කියා සිටියාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.
වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා මුහුණ දෙන මානසික, සෞඛ්‍යමය සහ සමාජයීය බලපෑම් සලකා බලා ඔවුන් ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් මේ වන විට සකස් වෙමින් තිබෙනවා. මේ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ, ශ්‍රී ලංකා පොලිසිය, SLCERT, ICTA මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් එක්ව මූලික සාකච්ඡා පවත්වනවා. මෙහි ප්‍රගතියක් ලෙස දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම සහ ‘Brain Health’ (මොළයේ සෞඛ්‍යය) සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ කතිකාවතක් ඇරඹීමට තීරණය කර තිබෙනවා.
මීට අමතරව ළමයින් අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෝක දැක්ම (World Vision) ආයතනය සමඟ එක්ව ව්‍යාපෘතියක් සකසා ඇති අතර, ඒ සඳහා සාර්ක් සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කරමින් යනවා. එසේම යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකසා ඇති අතර, එහි අන්තර්ගත Online Safety මොඩියුලය යටතේ පුහුණුකරුවන් 750ක් පමණ දැනටමත් පුහුණු කර අවසන්. මෙමඟින් දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන 106ක් හරහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුවන අතර, පාසල් සිසුන් සඳහා වන ‘Online Safety, Cyber Security සහ Digital Well-being’ මාර්ගෝපදේශ සංග්‍රහය 2026 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබෙනවා. දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීමෙන් මුදවා ගැනීමට පවුල් සවිබලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යදුමින්ද ගුරුගේ මහතා ස්වේච්ඡාවෙන් තාක්ෂණික මඟපෙන්වීම් ලබා දෙනවා.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලය තුළ ළමයින්ගේ සුරක්ෂිතතාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව ආයතන ගණනාවක දායකත්වයෙන් බහුඅංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපනය කරන්න කටයුතු කළා. මෙම යාන්ත්‍රණය යටතේ දිවියට සවියක් වැඩසටහන මඟින් අනාථ වූ ළමයින් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට හෝ මිලදී ගැනීමට රුපියල් මිලියන 2 බැගින් ලබා දීම සහ අර්ථ වැඩසටහන යටතේ දෙමාපියන් අහිමි අනාථ දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම සිදු කරනවා. මීට අමතරව උපප්න්න සහතික නොමැති දරුවන්ට ඒවා ලබා දීම, පාසල් කාලයෙන් පසු අනාරක්ෂිත වන දරුවන් වෙනුවෙන් රත්මලාන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් “සෙනෙහස” නමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, කායික දණ්ඩනය වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුගත කිරීම සහ 2025-2029 ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම දරුවන්ට උසාවි නොගොස් සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන දෙකක් කරාපිටිය සහ අනුරාධපුර රෝහල්වල ස්ථාපනය කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතින්නේ.
රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කරගැනීමේ ගැටලුවලට පිළියම් ලෙස 2027 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යුහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පදිංචිය තහවුරු කිරීම වෙනුවෙන්, වසර 08 කට වඩා වැඩි කාලයක් රජයේ ඉඩමක පදිංචිව සිටින පිරිස් මෙන්ම, වසර 01 සිට 06 දක්වා කාල සීමාවන් තුළ ස්ථිර පදිංචිය සනාථ කරන විදුලි, ජල හෝ වරිපනම් බිල්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට උපරිම ලකුණු 04 ක් දක්වා හිමිවන පරිදි ක්‍රමවේදයක් සකසා තිබෙනවා. ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛනවලින් (Waitlist) බාහිරව සිසුන් ඇතුළත් කරගන්නා බවට ලැබුණු පැමිණ…
