Spread the love

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමින් තුවාල ලබා මුගමුව රෝහලට ඇතුලු කර රැදවියන් බැලීමට ඹවුන්ගේ ඥාතින් පැමිණ සිටියත් පොලිස් නිලධාරීන් මැදිහත්වී රැදවියකු වෙනුවෙන් ඹවුන්ගේ එක් ඥාතියකුට පමණ බැලිමට අවසර දී තිබිණ‍


තවත් සමහරුන්ගේ රැඳවියන් මීගමුව රෝහලේ නොසිටිය අතර ඔවුන් මීගමු බන්ධනාගාරය තුළ හත්සීයක් පමණ සිටින බැවින් ඔවුන් අතර සිටින බවපවසා තිබිණ.

එසේම. රැඳවියන් හතර දෙනකුගේ මූර්ත දේහය ඇති බවත් ඔවුන් හඳුනාගෙන නොමැති බවත් ඉන් දෙදෙනෙක් ඉන්දියන් ජාතිකයින් වන බවත් අනිත් දෙදෙනා අප කතා කළ අයගේ ඤාතීන් නොවන බවත් පැවසුවේය.


තවත් කාන්තාවක් පවසා සිටියේ ඇයගේ වින්දිතයා රෝහලෙන් බැහැර කර පල්ලන් සේන බන්ධනාගාරය වෙත යවා ඇති බවයි.