Spread the love

මාලන් විතාන –

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින් 2026 ජූලි 13 වැනි දින තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන ෂැම්පු පැකට් තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙ‍රිණි.  

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරකට අනුව තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ෂැම්පූ පැකට් පන්දහස් තුන්සිය අසූහයක (5,386) පමණ තොගයක් නාවික හමුදාව විසින් සොගන්නා ලදි.   

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද ෂැම්පු පැකට් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.