Spread the love

නිමල් රාජපක්ෂ

දෙකටන වතුරබෝඩ පිහිටි clean line ආයතනයට අනුබද්ධිත sisila product ආයතනය විසින් බලපත්‍ර නොමැතිව sanatizer නිෂ්පාදනය සඳහා රැගෙන එන ලද එතනෝල් මිලි ලීටර් 1470 000 පමණ අඩංගු බැරල් 07 ක් දීප්ත ව්‍යාප්ත සුරාබදු  විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත


මෙම ස්ථානයේ දැනට sanatizer නිෂ්පාදනය සිදුනොවන අතර බලපත්‍ර ලබා ගැනීම සිදු කොට නොමැත. එබැවින් එතනෝල් තොගය අරක්කු නිෂ්පාදනය සඳහා අනීතිකව යොමු කිරීමට තිබු ඉඩකඩ මෙම වැටලීම මගින් වැලැක්වීම ට හැකියාව ලැබුණි.
යම් හෙයකින් මෙම මත්පැන් තොගය අරක්කු නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට ප්‍රස්ථා ලැබුණි නම් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 16 පමණ අධිකය.
මෙම සැකකරු නොබෝ දිනකින් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිත් ජනරාල්. එන් බ් එන් ඒ පේමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාවට කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ස සුරා බදුඅධිකාරී පී එන් හේමන්ත  යන මහත්වරුන්ගේ උපදෙස් මත
සුරාබදු ස්ථානාධිපති නිල් ඒකනායක, සුරාබදු පරීක්ෂක සරත් ජයවීර, ධම්මික, සුරාබදු මහ සැර යන් අනුර, ලොකු පිටිය, සුරාබදු කෝප්‍රල් 663 අතුල, 947 සිල්වා, 1062 බුද්ධික, 1176 චානු, 1188 kubalathara, සුරාබදු නියාමක 694 දුලාන්, සුරාබදු රියදුරු දනුෂ්ක, දුමින්ද හා හරිස්චන්ද  යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ