නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජූලි 20) නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැහැදැකීය.
සම්ප්‍රදායානුකූලව පැවති මෙම නිල හමුවේදී, ජාතික වැදගත්කමකින් යුත් කාර්යයන්හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන කාර්යභාරය ඇතුළු, ජාතික හා සමුද්‍රීය ආරක්ෂාවට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳව නාවික හමුදාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.
තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.
