නිමල් රාජපක්ෂ-
‘දිඨිවා’ ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ මැල්සිරිපුර සිට කුඹුක්වැව දක්වා වූ මාර්ගයේ කිඹුල්වාන වැව මැදින් දිවෙන කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ පූර්ණ ව්‍යාපෘතිය රුපියල් මිලියන 175.8ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ආරම්භ කෙරිණි.
ඒ කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ගේ ප්‍රධානත්වයෙනි. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව බණ්ඩපොල, කිඹුල්වාන වැව් බැම්ම අසලදී ආරම්භ විය.
මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ
“දැඩි ලෙස හානියට පත් වුණ කිඹුල්වාන වැව මැදින් දිවෙන මේ මාර්ග කොටසහානියට පත්වීම නිසා මැල්සිරිපුර සිට කුඹුක්වැව දක්වා ගමන් කරන දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ගමනාගමනය මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි. රුපියල් මිලියන 175.8 ක මේ ආයෝජනය හරහා අපි කරන්නේ පාරක් හදන එක පමණක්ම නෙවෙයි. ජනතාවගේ බිඳවැටුණු ජීවනෝපාය සහ දෛනික ගමනාගමන පහසුකම් නැවත යථාවත් කිරීමයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්මවින් පැවසුවේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කිසිදු කොමිස් කප්පම් හෝ මුදල් අවභාවිතයකට ඉඩක් නොමැති නිසා නියමිත කාලසීමාව ඇතුළත උසස් ප්‍රමිතියකින් යුතුව වැඩ නිම කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව යි.
ගමනාගමන කටයුතු වඩාත් පහසු සහ සුරක්ෂිත කරමින් ප්‍රදේශවාසීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
මෙම අවස්ථාවට ඉබ්බාගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිලිප් චන්ද්‍රසේකර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර ප්‍රදේශවාසී ජනතාවගේ විශාල උද්යෝගයක් ද දැක ගත හැකි වූයේ මෙම මාර්ගය පිළිසකර කිරීම ඔවුන්ගේ ජීවිතයට විශාල පහසුවක් ලබා දෙන බැවිනි.
ස්තූතියි,
