ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 600 ක් නොව බස් 6000 ක් ගෙන ඒමට කටයුතු කළ ද, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවන් නොමැති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ලංගමය මේ වන විටත් පාඩු ලබමින් ඇති බවත්, එලෙස තිබිය දී මේ ආකාරයෙන් නව බස් රථ ගෙන්වීම ජාතික අපරාධයක් වන බවත්, මේ තුළින් පෞද්ගලික බස් රථ කර්මාන්තය ද කඩා වැටෙන බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කර සිටියේ.
පොදු ප්‍රවාහන සේවයේ ගැටලු රැසක් තිබිය දී, මෙසේ අලුතෙන් බස් ගෙන්වීම හුදෙක් ‘චිත්‍රපටයක් පෙන්වනවා’ වැනි කටයුත්තක් බව ද, මෙම අලුත් බස්වල යන විට ජනතාවට ද ‘යම් ප්රමෝදයක්’ ඇති වන බව ද පැවසුවේය.
ලංකාව යනු යුරෝපය නොවන බවත්, යුරෝපයේ බස් රථ ධාවනය කරන ආකාරයට මෙරට දී එය සිදුකළ නොහැකි බවත්, යුරෝපයේ ‘වැසිකිළි පිරිසිදු කරන’ අය ද මෙරට බස් රථ කර්මාන්තය ගැන සමාජ මාධ්‍යයේ අදහස් පළ කිරීමට කටයුතු කරන බවයි සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කලේ
